Tuesday, June 23, 2015

Uva Province in Sri Lanka

 This picture captured while i was going to see the "Bogoda" wooden bridge.
  "Thawalama". This is one of rare scences  we can see in present. becouse the transpotation system is beign developed rapedly. but there are more areas to be developed.

Cobwebs are every where.......


"Bogoda wooden bridge"

Sunday, April 27, 2014

සොඳුරිය මට නොකියාම ගියා..!


සොඳුරිය මට නොකියාම ගියා..!

දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව.
දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව

 "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... 

සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා

 "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල.

පිලිතුර වෙන්නෙ

"ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා... ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

 මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න... ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ... ·

Add caption
 එදා මෙදාතුර කඳුලට විවරවූ
 දෑස් පියන්පත් කවුළු වසා 
 ළයේ ගලා ගිය සෙනේහයේ සුව 
 සිනා පෙරූ රත් දෙතොල පියා... 

 මිලාන වී ගිය රෝස කුසුම් පෙති
 කම්මුල් සුදු මැලි පාට පොවා 
 දෑත ළයේ බැඳ අවසන් ගමනට 
 සොඳුරිය මට නොකියාම ගියා... 

 දැස් කවුළු පත් පලා කඳුළු කැට
 වැහෙද්දී මගේ දෑස් අගින්...
 කාත් කවුරුවත් වෙතත් හිතයි මට
 පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
 ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
 මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි 
ඈත්නොවේමැයි ඒ සුවඳින්... 

ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ළයේ.. 
හීයේ වේගෙන් අහස උසට බැදි
 ආදර ලොකය හෙටත් තියේ....
 ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත.. 
ඇයි මේ ලොව මා තනිව ගියේ...
 ආයේ දවසක එක හිත් ඇත්තන්.. 
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ 

සොඳුරිය මට නොකියාම ගියා..! 
එදා මෙදාතුර කඳුලට විවරවූ 
දෑස් පියන්පත් කවුළු වසා 
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
 සිනා පෙරූ රත් දෙතොල පියා... 
මිලාන වී ගිය රෝස කුසුම් පෙති 
කම්මුල් සුදු මැලි පාට පොවා 
දෑත ළයේ බැඳ අවසන් ගමනට
 සොඳුරිය මට නොකියාම ගියා...

 දැස් කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්... ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත්නොවේමැයි ඒ සුවඳින්... ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ.. හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ.... ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත.. ඇයි මේ ලොව මා තනිව ගියේ... ආයේ දවසක එක හිත් ඇත්තන්.. වී අපි ඉපදෙමු එකට ප්‍රියේ 



Tuesday, April 22, 2014

The Balance


Thursday, February 13, 2014


සිගිරිය කියල කියන්නෙ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්.... මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක ගැන.....අපේ 1st year එකේ තිබ්බ project එකක් සම්බන්ධව දේශනයක් කරන්න ගෙන්නුව සූරිය ගුණසේකර කියල මහත්මයෙක් ...එතුමා සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්...ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා... ඒ මහත්මයල තරුණ කාලේ....ඒ කියන්නෙ එකදාස් නවසිය හට ගණන්වල සීගිරියට ගිහිල්ල තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට....එහිදී එයාල දවල්ට කන්න ගිහිල්ල තියෙනවා සිගිරිය පේන මානෙ තියෙන පුංචි කටු මැටි ගෙදරකට...ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීය කෙනෙක්. කෑම කාල කට්ටිය එලියට ආපු වෙලේ මෙයාල ඔය සීය එක්ක කතාවට වැටිලා...එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ල තියෙන්නෙ සිගිරිය ගැන හොයන්න කියල...ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නෙ... 'මහත්තයල දන්නවද ....මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ....මට මෙහෙම උනේ මට මහ විසාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා".... මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්.... "මොකද්ද සීයේ උනේ....?" මහත්තයලට කියන්න....මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්...ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු....(h.c.p. Bell කියන්නෙ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා...ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්...ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා..) ඉතින් ඒ කතාව සීයා එපාර කිව්වලු... අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා....ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා.....එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්....මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්....ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ....පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා ...ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා.... බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාව....පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාල සම්පුර්ණයෙන් වහන්න කියල.....අපිට පුදුම හිතුන....ඒත් අපි කිව් විදියට කරා.... එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ.....සමහරු ලෙඩ උනා...සතා සීපාවා ගහල මැරුණා....ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.... මෙහෙම කියපු ඒ සීය අඬන්න ගත්තලු..... මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.... හැබැයි ඇත්තටම කියනවනම්....සිගිරිය ඉහලට රජ කෙනෙකු අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ...රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ ...ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියල....මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියල....මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා....සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්....මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නෙ.... සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි....එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට....මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්....මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන් ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්...ඒක හදල තියෙන්නෙ එකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට....හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව....ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නෙ.... ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා...ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්....මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම... අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නෙ..ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා....මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති...ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා....sigiriya village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ....අද සිගිරිය වැව.....දිය හිඳුනු නිකං නමට වැවක්..... සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්.... මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නෙ.....ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නෙ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි.....එනම් සංසක්ති බල..... විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නෙ මොනවද කියල....ඒ කියන්නෙ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල ) ... ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වනවා.හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම...මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්..එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.... මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා... එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු.... සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම්....හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්... ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි...ස්වයන්පොෂිතයි... අවසාන වශයෙන් කියන්න ඕන කාශ්‍යප රජ්ජුරුවෝ මියගිය අවාසනාවන්ත විදිය..... මුගලන් සීගිරියට සේනාවක් එක්ක ආපු වෙලාවේ කාශ්‍යප රජ්ජුරුවෝ මංගල හස්තියා උඩ නැගිලා...තමන්ගේ සේනාව පෙරමුණේ ගියාලු....මෙහෙම යනකොට සීගිරියේ ජල උද්‍යානයේ තියෙනවා වගුරු ප්‍රදේශයක්...මේක mud mort එකක් හෙවත් ආරක්ෂක උපක්‍රමයක් විදියට මඩ සහිතව හදපු අගලක්....මංගල හස්තියා මේක දැකල...රජුව පිටේ තියාගෙන මඩ වගුරු වල යන එක ඒ අහිංසක සතා හිතල තියෙන්නෙ රජුට කරන අගෞරවයක් විදියට ...ඒ නිසා ඌ මඩ නැති පාරකින් එන්න ඉක්මනට ආපහු හැරිලා එන්න ගත්තලු....මේක දැකපු කාශ්‍යප සේනාව හිතල තියෙන්නෙ මුගලන්ව දැකල රජ්ජුරුවෝ බයේ හැරිලා එනවා කියල උන් රජුව දාල දුවල....මේ නිසා සතුරු සේනාව ඉක්මනින් කාශ්‍යප රජුව වට කරල....හතුරන්ට අහු වෙනවට වඩා හොඳයි කියල එතුමා තමන්ගේ කඩුවෙන්ම ජීවිතය අවසන් කරගත්තලු......ලංකා ඉතිහාසයේ මතු නොව ලෝක ඉතිහාසයේම විසූ විශිෂ්ටයකුගේ අවසානය එහෙමලු වුණේ..... උපුටා ගැනීම - http://www.elakiri.lk/forum/showthread.php?t=1274043

අපේ ජාතික කොඩිය අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු 1. කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීම 2. රතු පාට :- බුද්ධි ගෝචර අවිහිංසාවාදි සමාජයන් ඇති බවය. සමෘද්ධිය සංකේතවත් කෙරේ. 3. බෝ කොළ හතර:- ධර්මිෂ්ඨ භාවය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන පරම සත්‍යය පෙන්වයි. (මෙත්තා - රටවැසියා එක් මඟකට යොමු කිරීමමුදිතා - දුකට පත් වූවන් ඉන් මුදා ගැනීමකරුණා - සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීමඋපේක්ඛා - නිහතමානිකම , දානය, ප‍්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මකතාව අනුව සකස් කළ යුතු බව) 4. කඩුවක් අතින් ගත් සිංහය :- ( සිංහයාගේ හා කඩුවේ වර්ණය කහ පාටය. ) කඩුවත් ඉදිරියට අල්ලාගෙන සිටින සිංහයාගේ එඩිතරබව සංකේතවත් කරනු ලැබේ. සිංහයා සෙසු සතුන්ට වඩා සංවරය, ආත්ම ශක්තියෙන් යුක්තය. තමාට ගැලපෙන දේ පමණක් කිරයි. 5. කෙසරමාලාතුන :- බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරේ විශ්වාසය තැබීම 6. ග‍්‍රීවය :- පාලකයා ඍජු ශක්තිමත් අයෙකු බව 7. අයාගත් මුඛය :- රාජකීය හඬ නිර්භීතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇති බව 8. නාසය :- හරිවැරදි හඳුනා ගැනීම 9. දිව :- පාලකයාගේ ප‍්‍රකාශ සත්‍යවාදීවත්, අවංකවත් සිදුවන බව 10. ඇස :- ජනතා ඇස තුළින් ජනතා ප‍්‍රශ්න දෙස බැලීම. ඇස කඩුව දෙසට යොමු වීමෙන් පාලකයා, නිසි ලෙස පාලනය සිදු කරන්නේ දැයි පාලිකයෝ බලා සිටි ජනතාව නිතරම අවධියෙන් සිටින බව. 11. මුඛයට නැමී ගිය දත්තුන :- සිත කය වචනය යන තුන්දොර හික්මවා විවෘතව ප‍්‍රකාශ කිරීම 12. කේසර කැරලි 24 :- ගිහි විනය 13. වලිගය ස්ථාන 2 න් නැමීම :- ජනතාවගේ දැනුම, කැපවීම. පාලකයාට නොඅඩුව ලැබිය යුතු බව ප‍්‍රථම නැම්මෙන් ද රටවැසියන් හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවල එකම මඟක ගමන් කරන බව 14. වලිගයේ කේසර කැරලි :- සැමට සුදුසු මග ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගය 15. කඩුව ගත් දකුණු අත :- ආරක්ෂාව ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීම 16 කඩු තලය :- පාලකයා, පිළිපැදිය යුතු දසරාජධර්මය කෙලින් පිහිටි කඩු තලය :- පාලනය මධ්‍යස්ථය මධ්‍යම ප‍්‍රතිපදාව අනුව සිදු විය යුතුය. 17. නැවුණු තුඩු තුන :- අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට රට ජාතිය ලක් වීම. 18. අසිපතේ මිටේ තුඩුහතර :- රටවැසියා ගොඩනැගී ඇත්තේ ආපෝ, තෝජෝ, වායෝ, පඨවි, යන මහ භූතයන්ගෙනි. 19. කඩුව අල්ලාගත් ඇඟිලි සතර :- චතුරාර්ය සත්‍ය 20. අසිපත් දැරීම:- අසාධාරණයේදී සටන් වැදීමත් එය ධර්මයට අනුව සිදුවීමත් කහ පාටින් දැක්වේ. 21. හිස වලිගය මතට අක්ෂගතව තිබීම :- පාලකයා හා පාලිතයා අතර සමාන්තරතාවයක් ඇති බව ය 22. පාද :- උටිධාන සම්පාද, ආරක්ඛ සම්පාද, කල්‍යාණ මිත්තා, සමජීවකතා යන හතර 23. උඩට විහිදුනු නිය :- ශ‍්‍රද්ධා, ශීල, ත්‍යාග, ප‍්‍රඥා යන ධර්ම මෙලොව ජය ගැනීමට අවශ්‍යය 24. අත් වැස්මේ අන්ත දෙක :- රාජ්‍ය පාලනය පැත්තකට අන්තගාමී නොවීම 25. තැඹිලි වර්ණ තීරුව :- ද්‍රවිඩ ජතිකයන් සංකේතවත් වේ. 26. කොළ වර්ණ තීරුව :- මුස්ලිම් ජනතාව සිංහල ජාතියජාතික කොඩිය එසවීමෙදී නිසි ගෞරය ලැබෙන ආකාරයට කටයුතු කළ යුතුයි. කොඩිය සඳහා ප‍්‍රමිතීන් නියම කොට ඇත. ප‍්‍රමිති අංක 693 වර්ෂ 1985 එය සුරක්ෂිත කර ඇත. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නියමයන් අනුව සිංහයා කහපාටින් විය යුතුය. කොඩියේ දිග පළල මෙන් දෙගුණයක් විය යුතුයි. අපේ ජාතික කොඩිය අපේ ජාතික වස්තුවකි. ජාතික කොඩියේ නිවැරැදි භාවිත අවස්‌ථා **************************** එළිමහනේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනයන්හි දී සහ සියලුම රාජ්‍ය උත්සවයන්හිදී ජාතික ධජය එළිමහනේ ප්‍රදර්ශනය කළ යුතුය. ජාතික ධජය ප්‍රදර්ශනය කරන කවර අවස්‌ථාවකදී වුවද එයට ඉහළම ගෞරවනීය ස්‌ථානය දිය යුතු අතර හොඳින් පෙනෙන ස්‌ථානයක එය සවි කර තැබිය යුතුය. විදේශීය රාජ්‍ය නායකයකුගේ ධජයක්‌ මෙරට දී ප්‍රදර්ශනය කරන අවස්‌ථාවක දී ශ්‍රී ලංකා ජාතික ධජයද ප්‍රදර්ශනය කළ යුතුය. සෑම විටම ජාතික ධජය එසවීමේ මෙන්ම පහත් කිරීමේ කාර්යයද කළ යුත්තේ සෙමෙන් හා ගෞරවාන්විතවය. සිරස්‌ තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදි ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය. සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. වෙනත් කිසිදු කොඩියක්‌ ඊට ඉහළින් ඔසවා තැබිය යුතු නොවේ. වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තැබීමේ දී ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින් සම උසකින් හා සම ප්‍රමාණයකින් යුක්‌තව තැබිය යුතුය. රාත්‍රි කාලයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන විටදී එය ඔසවා තබන තාක්‌ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කළ යුතුය. ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේ ජාතික කොඩිය හා සම උසින් සිටින පරිදිය. පළාත් කොඩි, ප්‍රාදේශීය කොඩි, සමිති සමාගම් ආදියෙහි ධජ, පතාක සමඟ ජාතික කොඩිය එසවීමේදී ජාතික කොඩිය තැබිය යුත්තේ සියල්ලටම මැද ඉහළම ස්‌ථානයේය. පළාත් හා පාසල් ධජ සමඟ ජාතික ධජය එකම කොඩි ගසක එකම කොණක එල්ලනු ලබන විටක දී ජාතික ධජය ඉහළින්ම ඔසවා තැබිය යුතුය. එකිනෙකට යාව කොඩිගස්‌ කිහිපයක කොඩි එල්ලනු ලබන විට දී මුලින්ම එසවිය යුත්තේත් අවසානයට පහත් කළ යුත්තේත් ජාතික කොඩියයි. වීදියක්‌ මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විට සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස්‌ අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය. ජාතික කොඩිය ඔසවනු ලබන විටදී කාලගූණය කුමක්‌ වුවත් හිරු උදාවේ සිට හිරු බැසීම දක්‌වා එකම ස්‌ථානයක ඔසවා තැබිය යුතුය. වේදිකාවක්‌ මත ජාතික කොඩිය ඔසවන විටදී කථිකයා සභාවට මුහුණ දුන් විට ඔහුගේ දකුණු පස ඉහළින් කොඩිගසක මුදුනේ හෝ කථිකයාට පිටුපසින් බිත්තියට හේත්තුවන සේ ඔහුට ඉහළින් තැබිය යුතුය. ජාතික කොඩිය ඔසවනු ලැබූ විට ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය. සියලු දෙනා නැගී සිටිය යුත්තේ ජාතික කොඩියට මුහුණ ලා සිරුවෙනි. හමුදා නිල ඇඳුමින් සැරසුණු අය උචිත හමුදා ගෞරවය දැක්‌විය යුතුය. සාමාන්‍ය පුද්ගලයන් හිස්‌ වැසුම් ඉවත් කළ යුතුය. එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම වෙනත් ජාතීන්ගේ හා එක්‌සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික ධජය ප්‍රදර්ශනයේදී ජාතික කොඩිය එම කොඩි පෙළෙහි දකුණු පස අන්තිම කෙළවරේ ප්‍රදර්ශනය කළ යුතුය. නිරීක්‌ෂකයකු නරඹන්නන්ට මුහුණලා කොඩි පෙළ මධ්‍යයේ සිටියදී ජාතික කොඩිය ඔහුගේ දකුණු පස අන්තිම කෙළවරේ විය යුතුය. ජාතික කොඩියේ සිට අකාරාදි පිළිවෙළට අනෙකුත් විදේශීය කොඩි සවි කළ යුතුය. ජාතික ධජය පළමුවෙන්ම ඔසවා අන්තිමටම පහත් කළ යුතුය. සංවෘත චක්‍රාකාරව කොඩි ප්‍රදර්ශනයේදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ කළ යුතුය. කොඩි කඳන් එකිනෙකට හරස්‌ව සිටින සේ වෙනත් කොඩියක්‌ සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කිරීමේදී ජාතික ධජය දකුණු පසින් තිබිය යුතු අතර එහි කොඩිකඳ අනෙක්‌ කොඩියේ කොඩි කඳට ඉදිරියෙන් තැබිය යුතුය. එක්‌සත් ජාතීන්ගේ කොඩිය ජාතික කොඩිය සමග එසවීමේදී ජාතික ධජය එය මුහුණලා සිටින දිසාවට හරියටම දකුණු පසින් එසවිය යුතුයි. එකම කොඩි ගසක්‌ මුදුනෙහි වෙනත් කොඩි කිහිපයක්‌ සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය. රජය නිශ්චිත කොට ඇති විටකදි කඩදාසි හෝ වෙනත් ද්‍රව්‍යයකින් සකස්‌ කළ කොඩි භාවිතයෙන් පසු නිසි පරිදි අපහරණය කළ යුතුය. විදේශීය ආණ්‌ඩුවල රාජතාන්ත්‍රික සහ තානාපති නියෝජිත අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්‌කෘතික සංදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපට උත්සව අවස්‌ථාවලදී ජාතික කොඩිය හා වෙනත් රටවල කොඩි රාජ්‍ය අවසරය සහිතව ප්‍රදර්ශනය කළ යුතුය. විදේශ කටයුතු අමාත්‍යංශයට අවශ්‍ය පරිදි ජාතික කොඩිය නීතිරීතිවලට යටත්ව ගුවන් තොටුපළේදී ප්‍රදර්ශනය කළ හැකිය. සම්භාවනීය විදේශ අමුත්තන් මෙරටට පැමිණි කල විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පැමිණි අමුත්තා අයත් රටෙහි ජාතික ධජය සමග අපගේ ජාතික ධජය සුදුසු ස්‌ථානයක ඔසවනු ලබයි. විදේශයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම ****************************** ජාතික කොඩිය විදේශයන්හි භාවිත කරන විටදි විදේශයක සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්‌ඩලයක්‌ විසින් එකී දූත මණ්‌ඩල කාර්යාලයෙහි දූත මණ්‌ඩල ප්‍රධානියාගේ නිවසෙහි සහ දූත මණ්‌ඩලයේ ප්‍රධානියාගේ ඉදිරියෙහි ජාතික ධජය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩියට අයත් රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත් කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටිනා වෙනත් රාජතාන්ත්‍රික දූත මණ්‌ඩල විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග උනුව ද කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්‌කේ අදාළ නීති රීතිවලට අනුවයි. ජාතික කොඩියේ අවභාවිත අවස්‌ථා කිසිවක්‌ හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය. ජාතික කොඩිය කිසිම අවස්‌ථාවක බිම නොතැබිය යුතුය. ජාතික ධජය පෙරහැරක ගෙන යැමේදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන යා යුතු නොවේ. වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇති විට එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය. වෙනත් කොඩියක්‌ සමඟ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය තැබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. ධජය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ. නූලකින් එසවීම අනුචිතය. කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය. ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවේ දී සියලු දෙනා නැගී සිට සීරුවෙන් කොඩියට මුහුණ දිය යුතු අතර දුම්බීම ආහාරපාන ගැනීම කතා කිරීම සිනාසීම හෝ නොකළ යුතුය. හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනුව ආචාර කළ යුතුය. චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා ශංඛ නාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය. හානියට පත්වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික ධජයක්‌ ප්‍ර්‍රදර්ශනය නොකළ යුතුය. මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්‌ ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය. ජාතික කොඩිය මල් වැල්, ලිය වැල, පීත්ත පටි, මල්, හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක්‌ ලෙස භාවිත නොකළ යුතුය. ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල කර තැබීම නොකළ යුතුය. කථිකයෙකුගේ මේස ආවරණයක්‌ ලෙස හෝ කථික වේදිකාවක්‌ මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරිම පිණිස ජාතික ධජය භාවිත නොකළ යුතුය. කිසිම අවස්‌ථාවකදී ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය. ජාතික කොඩිය පොළොව ස්‌පර්ශ වීමට හෝ ජලය මත ඇදීයාමට ඉඩ නොතැබිය යුතුය. ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබිය යුතු නොවේ. ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක්‌ සවි කර ප්‍රදර්ශනය කළ යුතුය. ජාතික ධජය කිසිම අවස්‌ථාවකදී අඳින ඇඳුමක්‌ සිවිලිම් ආවරණයක්‌ හෝ ඇතිරිල්ලක්‌ හෝ ආස්‌තරයක්‌ ලෙස භාවිත නොකළ යුතුය. (රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිත කළ හැක) මල් වැලක්‌ ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක්‌ නොකළ යුතු අතර සැම විටම නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය. ජාතික ධජය පහසුවෙන් ඉරී යැමට කිලිටිවීමට හෝ හානියට පත් වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම ප්‍රදර්ශනය කිරීම ගබඩා කර තැබීම නොකළ යුතුය. ජනාධිපති ආඥාවෙන් සිදු කෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්‌ විශේෂ ලාංඡනයක්‌ අකුරක්‌ වචනයක රූපයක මෝස්‌තරයක්‌ පින්තූරයක්‌ හෝ චිත්‍රයක්‌ ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය. කිසියම් දෙයක්‌ දැමීම දමා තබාගැනීම ගෙන යැම හෝ ගෙන ගොස්‌ භාරදීම සඳහා උපයෝගි කරගනු ලබන මල්ලක්‌ හෝ බඳුනක්‌ ලෙස භාවිත නොකළ යුතුය. කිසිම ආකාරයක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය. කිසිම ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය භාවිත කළ යුතු නොවේ. කොට්‌ට මෙට්‌ට ලේන්සු හා වෙනත් එවැනි භාණ්‌ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අත පිස්‌නා පෙට්‌ටි හෝ තාවකාලික භාවිතයෙන් ඉවත දමනු සඳහා සකසන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාර සටහන් ගැනීමට ජාතික කොඩි සලකුණ යොදා නොගත යුතුය. ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් කිසිවක්‌ සවි නොකළ යුතුය. ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය. ජාතික කොඩියේ කිසිම කොටසක්‌ කිසිම විටක ඇඳුමක්‌ හෝ ක්‍රීඩා ඇඳුමක්‌ ලෙස පාවිච්චි නොකළ යුතුය. ජාතික කොඩියේ නිරූපණයක්‌ අවසර රහිතව භාවිත කිරීම තහනම් ය. හානි වූ අවර්ණ වූ අපවිත්‍ර වූ ජාතික කොඩිය කෞතුක භාණ්‌ඩ රැස්‌ කරන්නෙකු හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීම හැර එය අගෞරව ලෙස විනාශ නොකළ යුතුය. පිළිස්‌සීමෙන් හෝ ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. . ජාතික ධජය පරිහරණයේදී අව භාවිතයෙන් වැළකී එහි ගෞරවය රැකෙන අයුරින් නිවැරැදිව භාවිත කිරීම සියලුම ජාතීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. මක්‌නිසාද යත් ඒ මගින් රටේත්, ජාතියේත් ගෞරවය රැකෙන හෙයිනි. වර්තමානයේ භාවිත කරනු ලබන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජේවර්ධනයන්ගේ දේශ හිතෛශී ක්‍රියාකලාපය නිසා සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජකීය සිංහ ධජයේම සංස්‌කරණයකි. එනිසාම සිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය අභිමානයෙන් යුතුව ලොවට පෙන්වීමට ඇති ජාතියේ ප්‍රබලතම සංකේතය ශ්‍රී ලාංකේය සිංහ ධජය යෑයි පැවසීම යුක්‌ති යුක්‌ත වන්නේය. බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල් විසිනි. . අපේ ජාතික කොඩිය අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු 1. කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීම 2. රතු පාට :- බුද්ධි ගෝචර අවිහිංසාවාදි සමාජයන් ඇති බවය. සමෘද්ධිය සංකේතවත් කෙරේ. 3. බෝ කොළ හතර:- ධර්මිෂ්ඨ භාවය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන පරම සත්‍යය පෙන්වයි. (මෙත්තා - රටවැසියා එක් මඟකට යොමු කිරීමමුදිතා - දුකට පත් වූවන් ඉන් මුදා ගැනීමකරුණා - සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීමඋපේක්ඛා - නිහතමානිකම , දානය, ප‍්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මකතාව අනුව සකස් කළ යුතු බව) 4. කඩුවක් අතින් ගත් සිංහය :- ( සිංහයාගේ හා කඩුවේ වර්ණය කහ පාටය. ) කඩුවත් ඉදිරියට අල්ලාගෙන සිටින සිංහයාගේ එඩිතරබව සංකේතවත් කරනු ලැබේ. සිංහයා සෙසු සතුන්ට වඩා සංවරය, ආත්ම ශක්තියෙන් යුක්තය. තමාට ගැලපෙන දේ පමණක් කිරයි. 5. කෙසරමාලාතුන :- බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරේ විශ්වාසය තැබීම 6. ග‍්‍රීවය :- පාලකයා ඍජු ශක්තිමත් අයෙකු බව 7. අයාගත් මුඛය :- රාජකීය හඬ නිර්භීතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇති බව 8. නාසය :- හරිවැරදි හඳුනා ගැනීම 9. දිව :- පාලකයාගේ ප‍්‍රකාශ සත්‍යවාදීවත්, අවංකවත් සිදුවන බව 10. ඇස :- ජනතා ඇස තුළින් ජනතා ප‍්‍රශ්න දෙස බැලීම. ඇස කඩුව දෙසට යොමු වීමෙන් පාලකයා, නිසි ලෙස පාලනය සිදු කරන්නේ දැයි පාලිකයෝ බලා සිටි ජනතාව නිතරම අවධියෙන් සිටින බව. 11. මුඛයට නැමී ගිය දත්තුන :- සිත කය වචනය යන තුන්දොර හික්මවා විවෘතව ප‍්‍රකාශ කිරීම 12. කේසර කැරලි 24 :- ගිහි විනය 13. වලිගය ස්ථාන 2 න් නැමීම :- ජනතාවගේ දැනුම, කැපවීම. පාලකයාට නොඅඩුව ලැබිය යුතු බව ප‍්‍රථම නැම්මෙන් ද රටවැසියන් හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවල එකම මඟක ගමන් කරන බව 14. වලිගයේ කේසර කැරලි :- සැමට සුදුසු මග ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගය 15. කඩුව ගත් දකුණු අත :- ආරක්ෂාව ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීම 16 කඩු තලය :- පාලකයා, පිළිපැදිය යුතු දසරාජධර්මය කෙලින් පිහිටි කඩු තලය :- පාලනය මධ්‍යස්ථය මධ්‍යම ප‍්‍රතිපදාව අනුව සිදු විය යුතුය. 17. නැවුණු තුඩු තුන :- අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට රට ජාතිය ලක් වීම. 18. අසිපතේ මිටේ තුඩුහතර :- රටවැසියා ගොඩනැගී ඇත්තේ ආපෝ, තෝජෝ, වායෝ, පඨවි, යන මහ භූතයන්ගෙනි. 19. කඩුව අල්ලාගත් ඇඟිලි සතර :- චතුරාර්ය සත්‍ය 20. අසිපත් දැරීම:- අසාධාරණයේදී සටන් වැදීමත් එය ධර්මයට අනුව සිදුවීමත් කහ පාටින් දැක්වේ. 21. හිස වලිගය මතට අක්ෂගතව තිබීම :- පාලකයා හා පාලිතයා අතර සමාන්තරතාවයක් ඇති බව ය 22. පාද :- උටිධාන සම්පාද, ආරක්ඛ සම්පාද, කල්‍යාණ මිත්තා, සමජීවකතා යන හතර 23. උඩට විහිදුනු නිය :- ශ‍්‍රද්ධා, ශීල, ත්‍යාග, ප‍්‍රඥා යන ධර්ම මෙලොව ජය ගැනීමට අවශ්‍යය 24. අත් වැස්මේ අන්ත දෙක :- රාජ්‍ය පාලනය පැත්තකට අන්තගාමී නොවීම 25. තැඹිලි වර්ණ තීරුව :- ද්‍රවිඩ ජතිකයන් සංකේතවත් වේ. 26. කොළ වර්ණ තීරුව :- මුස්ලිම් ජනතාව සිංහල ජාතියජාතික කොඩිය එසවීමෙදී නිසි ගෞරය ලැබෙන ආකාරයට කටයුතු කළ යුතුයි. කොඩිය සඳහා ප‍්‍රමිතීන් නියම කොට ඇත. ප‍්‍රමිති අංක 693 වර්ෂ 1985 එය සුරක්ෂිත කර ඇත. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නියමයන් අනුව සිංහයා කහපාටින් විය යුතුය. කොඩියේ දිග පළල මෙන් දෙගුණයක් විය යුතුයි. අපේ ජාතික කොඩිය අපේ ජාතික වස්තුවකි. ජාතික කොඩියේ නිවැරැදි භාවිත අවස්‌ථා **************************** එළිමහනේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනයන්හි දී සහ සියලුම රාජ්‍ය උත්සවයන්හිදී ජාතික ධජය එළිමහනේ ප්‍රදර්ශනය කළ යුතුය. ජාතික ධජය ප්‍රදර්ශනය කරන කවර අවස්‌ථාවකදී වුවද එයට ඉහළම ගෞරවනීය ස්‌ථානය දිය යුතු අතර හොඳින් පෙනෙන ස්‌ථානයක එය සවි කර තැබිය යුතුය. විදේශීය රාජ්‍ය නායකයකුගේ ධජයක්‌ මෙරට දී ප්‍රදර්ශනය කරන අවස්‌ථාවක දී ශ්‍රී ලංකා ජාතික ධජයද ප්‍රදර්ශනය කළ යුතුය. සෑම විටම ජාතික ධජය එසවීමේ මෙන්ම පහත් කිරීමේ කාර්යයද කළ යුත්තේ සෙමෙන් හා ගෞරවාන්විතවය. සිරස්‌ තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදි ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය. සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. වෙනත් කිසිදු කොඩියක්‌ ඊට ඉහළින් ඔසවා තැබිය යුතු නොවේ. වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තැබීමේ දී ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින් සම උසකින් හා සම ප්‍රමාණයකින් යුක්‌තව තැබිය යුතුය. රාත්‍රි කාලයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන විටදී එය ඔසවා තබන තාක්‌ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කළ යුතුය. ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේ ජාතික කොඩිය හා සම උසින් සිටින පරිදිය. පළාත් කොඩි, ප්‍රාදේශීය කොඩි, සමිති සමාගම් ආදියෙහි ධජ, පතාක සමඟ ජාතික කොඩිය එසවීමේදී ජාතික කොඩිය තැබිය යුත්තේ සියල්ලටම මැද ඉහළම ස්‌ථානයේය. පළාත් හා පාසල් ධජ සමඟ ජාතික ධජය එකම කොඩි ගසක එකම කොණක එල්ලනු ලබන විටක දී ජාතික ධජය ඉහළින්ම ඔසවා තැබිය යුතුය. එකිනෙකට යාව කොඩිගස්‌ කිහිපයක කොඩි එල්ලනු ලබන විට දී මුලින්ම එසවිය යුත්තේත් අවසානයට පහත් කළ යුත්තේත් ජාතික කොඩියයි. වීදියක්‌ මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විට සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස්‌ අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය. ජාතික කොඩිය ඔසවනු ලබන විටදී කාලගූණය කුමක්‌ වුවත් හිරු උදාවේ සිට හිරු බැසීම දක්‌වා එකම ස්‌ථානයක ඔසවා තැබිය යුතුය. වේදිකාවක්‌ මත ජාතික කොඩිය ඔසවන විටදී කථිකයා සභාවට මුහුණ දුන් විට ඔහුගේ දකුණු පස ඉහළින් කොඩිගසක මුදුනේ හෝ කථිකයාට පිටුපසින් බිත්තියට හේත්තුවන සේ ඔහුට ඉහළින් තැබිය යුතුය. ජාතික කොඩිය ඔසවනු ලැබූ විට ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය. සියලු දෙනා නැගී සිටිය යුත්තේ ජාතික කොඩියට මුහුණ ලා සිරුවෙනි. හමුදා නිල ඇඳුමින් සැරසුණු අය උචිත හමුදා ගෞරවය දැක්‌විය යුතුය. සාමාන්‍ය පුද්ගලයන් හිස්‌ වැසුම් ඉවත් කළ යුතුය. එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම වෙනත් ජාතීන්ගේ හා එක්‌සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික ධජය ප්‍රදර්ශනයේදී ජාතික කොඩිය එම කොඩි පෙළෙහි දකුණු පස අන්තිම කෙළවරේ ප්‍රදර්ශනය කළ යුතුය. නිරීක්‌ෂකයකු නරඹන්නන්ට මුහුණලා කොඩි පෙළ මධ්‍යයේ සිටියදී ජාතික කොඩිය ඔහුගේ දකුණු පස අන්තිම කෙළවරේ විය යුතුය. ජාතික කොඩියේ සිට අකාරාදි පිළිවෙළට අනෙකුත් විදේශීය කොඩි සවි කළ යුතුය. ජාතික ධජය පළමුවෙන්ම ඔසවා අන්තිමටම පහත් කළ යුතුය. සංවෘත චක්‍රාකාරව කොඩි ප්‍රදර්ශනයේදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ කළ යුතුය. කොඩි කඳන් එකිනෙකට හරස්‌ව සිටින සේ වෙනත් කොඩියක්‌ සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කිරීමේදී ජාතික ධජය දකුණු පසින් තිබිය යුතු අතර එහි කොඩිකඳ අනෙක්‌ කොඩියේ කොඩි කඳට ඉදිරියෙන් තැබිය යුතුය. එක්‌සත් ජාතීන්ගේ කොඩිය ජාතික කොඩිය සමග එසවීමේදී ජාතික ධජය එය මුහුණලා සිටින දිසාවට හරියටම දකුණු පසින් එසවිය යුතුයි. එකම කොඩි ගසක්‌ මුදුනෙහි වෙනත් කොඩි කිහිපයක්‌ සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය. රජය නිශ්චිත කොට ඇති විටකදි කඩදාසි හෝ වෙනත් ද්‍රව්‍යයකින් සකස්‌ කළ කොඩි භාවිතයෙන් පසු නිසි පරිදි අපහරණය කළ යුතුය. විදේශීය ආණ්‌ඩුවල රාජතාන්ත්‍රික සහ තානාපති නියෝජිත අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්‌කෘතික සංදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපට උත්සව අවස්‌ථාවලදී ජාතික කොඩිය හා වෙනත් රටවල කොඩි රාජ්‍ය අවසරය සහිතව ප්‍රදර්ශනය කළ යුතුය. විදේශ කටයුතු අමාත්‍යංශයට අවශ්‍ය පරිදි ජාතික කොඩිය නීතිරීතිවලට යටත්ව ගුවන් තොටුපළේදී ප්‍රදර්ශනය කළ හැකිය. සම්භාවනීය විදේශ අමුත්තන් මෙරටට පැමිණි කල විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පැමිණි අමුත්තා අයත් රටෙහි ජාතික ධජය සමග අපගේ ජාතික ධජය සුදුසු ස්‌ථානයක ඔසවනු ලබයි. විදේශයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම ****************************** ජාතික කොඩිය විදේශයන්හි භාවිත කරන විටදි විදේශයක සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්‌ඩලයක්‌ විසින් එකී දූත මණ්‌ඩල කාර්යාලයෙහි දූත මණ්‌ඩල ප්‍රධානියාගේ නිවසෙහි සහ දූත මණ්‌ඩලයේ ප්‍රධානියාගේ ඉදිරියෙහි ජාතික ධජය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩියට අයත් රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත් කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටිනා වෙනත් රාජතාන්ත්‍රික දූත මණ්‌ඩල විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග උනුව ද කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්‌කේ අදාළ නීති රීතිවලට අනුවයි. ජාතික කොඩියේ අවභාවිත අවස්‌ථා කිසිවක්‌ හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය. ජාතික කොඩිය කිසිම අවස්‌ථාවක බිම නොතැබිය යුතුය. ජාතික ධජය පෙරහැරක ගෙන යැමේදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන යා යුතු නොවේ. වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇති විට එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය. වෙනත් කොඩියක්‌ සමඟ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය තැබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. ධජය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ. නූලකින් එසවීම අනුචිතය. කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය. ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවේ දී සියලු දෙනා නැගී සිට සීරුවෙන් කොඩියට මුහුණ දිය යුතු අතර දුම්බීම ආහාරපාන ගැනීම කතා කිරීම සිනාසීම හෝ නොකළ යුතුය. හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනුව ආචාර කළ යුතුය. චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා ශංඛ නාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය. හානියට පත්වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික ධජයක්‌ ප්‍ර්‍රදර්ශනය නොකළ යුතුය. මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්‌ ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය. ජාතික කොඩිය මල් වැල්, ලිය වැල, පීත්ත පටි, මල්, හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක්‌ ලෙස භාවිත නොකළ යුතුය. ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල කර තැබීම නොකළ යුතුය. කථිකයෙකුගේ මේස ආවරණයක්‌ ලෙස හෝ කථික වේදිකාවක්‌ මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරිම පිණිස ජාතික ධජය භාවිත නොකළ යුතුය. කිසිම අවස්‌ථාවකදී ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය. ජාතික කොඩිය පොළොව ස්‌පර්ශ වීමට හෝ ජලය මත ඇදීයාමට ඉඩ නොතැබිය යුතුය. ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබිය යුතු නොවේ. ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක්‌ සවි කර ප්‍රදර්ශනය කළ යුතුය. ජාතික ධජය කිසිම අවස්‌ථාවකදී අඳින ඇඳුමක්‌ සිවිලිම් ආවරණයක්‌ හෝ ඇතිරිල්ලක්‌ හෝ ආස්‌තරයක්‌ ලෙස භාවිත නොකළ යුතුය. (රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිත කළ හැක) මල් වැලක්‌ ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක්‌ නොකළ යුතු අතර සැම විටම නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය. ජාතික ධජය පහසුවෙන් ඉරී යැමට කිලිටිවීමට හෝ හානියට පත් වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම ප්‍රදර්ශනය කිරීම ගබඩා කර තැබීම නොකළ යුතුය. ජනාධිපති ආඥාවෙන් සිදු කෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්‌ විශේෂ ලාංඡනයක්‌ අකුරක්‌ වචනයක රූපයක මෝස්‌තරයක්‌ පින්තූරයක්‌ හෝ චිත්‍රයක්‌ ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය. කිසියම් දෙයක්‌ දැමීම දමා තබාගැනීම ගෙන යැම හෝ ගෙන ගොස්‌ භාරදීම සඳහා උපයෝගි කරගනු ලබන මල්ලක්‌ හෝ බඳුනක්‌ ලෙස භාවිත නොකළ යුතුය. කිසිම ආකාරයක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය. කිසිම ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය භාවිත කළ යුතු නොවේ. කොට්‌ට මෙට්‌ට ලේන්සු හා වෙනත් එවැනි භාණ්‌ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අත පිස්‌නා පෙට්‌ටි හෝ තාවකාලික භාවිතයෙන් ඉවත දමනු සඳහා සකසන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාර සටහන් ගැනීමට ජාතික කොඩි සලකුණ යොදා නොගත යුතුය. ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් කිසිවක්‌ සවි නොකළ යුතුය. ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය. ජාතික කොඩියේ කිසිම කොටසක්‌ කිසිම විටක ඇඳුමක්‌ හෝ ක්‍රීඩා ඇඳුමක්‌ ලෙස පාවිච්චි නොකළ යුතුය. ජාතික කොඩියේ නිරූපණයක්‌ අවසර රහිතව භාවිත කිරීම තහනම් ය. හානි වූ අවර්ණ වූ අපවිත්‍ර වූ ජාතික කොඩිය කෞතුක භාණ්‌ඩ රැස්‌ කරන්නෙකු හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීම හැර එය අගෞරව ලෙස විනාශ නොකළ යුතුය. පිළිස්‌සීමෙන් හෝ ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. . ජාතික ධජය පරිහරණයේදී අව භාවිතයෙන් වැළකී එහි ගෞරවය රැකෙන අයුරින් නිවැරැදිව භාවිත කිරීම සියලුම ජාතීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. මක්‌නිසාද යත් ඒ මගින් රටේත්, ජාතියේත් ගෞරවය රැකෙන හෙයිනි. වර්තමානයේ භාවිත කරනු ලබන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජේවර්ධනයන්ගේ දේශ හිතෛශී ක්‍රියාකලාපය නිසා සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජකීය සිංහ ධජයේම සංස්‌කරණයකි. එනිසාම සිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය අභිමානයෙන් යුතුව ලොවට පෙන්වීමට ඇති ජාතියේ ප්‍රබලතම සංකේතය ශ්‍රී ලාංකේය සිංහ ධජය යෑයි පැවසීම යුක්‌ති යුක්‌ත වන්නේය. බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල් විසිනි

Monday, January 27, 2014


Wonderful Talent